ඔහු තමාගේ අපරාධ පූජාවට බැටළුවෙකු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනා යුතුය.
පූජකයාද ඔහු කළ පාපය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කෙරේවා. එවිට ඔහු කළ පාපය ගැන ඔහුට ක්ෂමාව ලැබේ.
යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,
එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: