Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 19:10

Sinhala Revised Old Version

නුඹේ මිදිවත්තේ දෙවරක් වලු කපානොගන්න, නුඹේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

16 හුවමාරු යොමු  

නුමුත් ඔලීව ගසක් සොලවන කල ඉහළ මුදුන් අත්තේ ගෙඩි දෙකක් තුනක්ද ඵල ඇති ගහේ එහාම අතුවල ගෙඩි හතරක් පහක්ද ඉතිරිවෙන්නාක් මෙන් එහි ස්වල්ප දෙනෙක් ඉතිරිවන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

මක්නිසාද ඔලීව ගසක් සොලවන්නාක් මෙන්ද මිදිපල කඩා නිමවූ කල ඉතිරි මිදිපල නෙළාගන්නාක්මෙන්ද පොළොව මැද ජනයන් අතරේ සිදුවන්නේය.

මිදිඵල නෙළන්නෝ නුඹ ළඟට ආවොත් ඔව්හු මිදිඵල ස්වල්පයක්වත් ඉතුරු නොකරද්ද? රාත්‍රියේ සොරු ආවොත් ඔව්හු තමුන්ට සෑහෙන පමණ ගන්නා තුරු නාස්ති නොකරන්නෝද?

මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රවී ශුද්ධව සිටින්න. පොළොව පිට බඩගා යන කොයි සතෙකුගෙන්වත් නුඹලාම අපවිත්‍රකර නොගන්න.

සොරකම් නොකරන්න; වංචා නොකරන්න, ඔවුනොවුන්ට බොරු නොකියන්න.

ඒවායේ ඵල ප්‍රයෝජන නුඹලාට වැඩි වන ලෙස පස්වෙනි අවුරුද්දේ ඒවායේ ඵල කන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලු තීන්දුවට කපා නොගන්න, කපන විට වැටෙන කරල් එකතුකර නොගන්න.

නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලුවලින් සහමුලින් කපා නොගන්න, වැටී තිබෙන කරල් එකතුකර නොගන්න. ඒවා දිළිඳුන්ට හා විදේශීන්ට අරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.

දේශයේ සබත් නුඹලාට එනම් නුඹටත් නුඹේ මෙහෙකරුවාටත් නුඹේ මෙහෙකාරීටත් නුඹේ කුලීකාරයාටත් නුඹ සමඟ වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය;

අහෝ නුඹ සිඳිනු ලැබූ හැටි! සොරුවත් රාත්‍රියේ කොල්ලකාරයෝවත් නුඹ ළඟට ආවෝ නම් තමුන්ට සෑහෙන පමණ සොරකම්කර නොගන්නෝද? මිදිඵල නෙළන්නෝ නුඹ ළඟට ආවෝ නම් ඔවුන් ස්වල්පයක්වත් ඉතුරු කරන්නේ නැද්ද?

අනේ, මාගේ දුකේ හැටි! මක්නිසාද ඵල නෙළාගන්ටත් මුද්‍රිකවලු තීන්දුවටම කපාගන්ටත් යෙදුණට පසු මෙන් සිටිමි. කන්ට කිසි වල්ලක්වත් මාගේ ආත්මය ආශාවන ප්‍රථම අත්තික්කා ඵලවත් නැත.

නුඹේ කෙතෙහි ගොයම් කපන කල්හි කෙතේ ගොයම් මිටියක් මතකනැතිවුණොත් ඒක ගෙනෙන්ට ආපසු නොයන්න. නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන පිණිස ඒක විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.

නුඹේ ඔලීව ගහට ගසා ඵල නෙළා ගැනීමේදී අතුවල ඉතුරු වෙන ගෙඩි නැවත සොයා නොයන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.

නුඹේ මුද්‍රික වලු කපාගැනීමේදී ඉතිරි ඒවා නැවත නෙළානොගන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.

ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා කළ දේ බැලුවාම මා කළේ කුමක්ද? අබියෙශෙර්ගේ මුළු මුද්‍රික ඵලදාවට වඩා එප්‍රායිම්ගේ ඉතුරු ඵල හොඳ නොවේද?

මෝවබිය රූත් නායොමිට කථාකොට: මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙකු පස්සේ යමින් කරල් ඇහිඳගන එන්නෙමියි කීවාය. ඈද: මාගේ දියණියෙනි, යන්නැයි කීවාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්