Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 18:16

Sinhala Revised Old Version

නුඹේ සහෝදරයාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය නුඹේ සහෝදරයාගේ නග්නභාවය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙක් තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්නේනම් එය කිලුටුකමක්ය. ඔහු තමාගේ සහෝදරයාගේ නග්නභාවය හැරීයේය; ඔවුන් දරුවන් නොලැබ සිටිනවා ඇත.

ආචාරීන්වහන්ස, යමෙකු දරුවන් නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඔහුගේ භාර්යාව සරණ පාවාගෙන, සහෝදරයා නමට දරුවන් උපදවන්ට ඕනෑයයි මෝසෙස් විසින් කියා තිබේ.

ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ තමාගේ භාර්යාව සිටියදී මළොත් ඔහුගේ සහෝදරයා ඔහුගේ භාර්යාව පාවාගෙන තමාගේ සහෝදරයා නමට දරුවන් ඉපදවිය යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ.

මක්නිසාද හෙරොද් තමා සරණපාවාගත්, තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා මිනිසුන් යවා යොහන් අල්ලා හිරඅඩස්සි කෙළේය.

නුමුත් දේශාධිපතිවූ හෙරොද් තමාගේ සහෝදරයාගේ භාර්යාවවූ හෙරෝදියස් නිසාද තමා කළ සියලු නපුරු දේ නිසාද යොහන්ගෙන් තරවටු ලැබ,

සහෝදරයන් එකට වාසයකරන අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් පුත්‍රයෙකු නැතුව මළොත් මළ අයගේ භාර්යාව අන්‍යවූ පිට කෙනෙකුට සරණ නොවිය යුතුය. ඇගේ පුරුෂයාගේ සහෝදරයා ඈ වෙතට පැමිණ ඈ තමාට භාර්යාවකොට පාවාගෙන පුරුෂයාගේ සහෝදරයෙකුගේ යුතුකම ඈට කෙරේවා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්