නුඹේ මවුගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. මක්නිසාද ඈ නුඹේ මවුගේ කිට්ටු නෑයෙක්ය.
නුඹේ පියාගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පියාට කිට්ටු නෑයෙක්ය.
නුඹේ පියාගේ සහෝදරයාගේ නග්නභාවය නොහරින්න, එනම් ඔහුගේ භාර්යාවට ළංනොවන්න. ඈ නුඹේ කුඩම්මාය.
නුඹේ මෑණියන්ගේ සහෝදරීගේවත් පියාගේ සහෝදරීගේවත් නග්නභාවය නොහරින්න. මක්නිසාද ඔහු තමාගේ කිට්ටු නෑයා නග්නකෙළේය. ඔව්හු තමුන්ගේ අපරාධය දරන්නෝය.