පූජකයාද ඒ ලේ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තිබෙන ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඉස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස තෙල දැවිය යුතුය.
අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න.
තවද මුළු බැටළුවා පූජාසනය පිට දවන්න. ඒක ස්වාමීන්වහන්සේට දවන පූජාවක්ය, මිහිරි සුවඳක්ය, ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය. අනික් බැටළුවාද හැරගන්න;
නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මා වෙතින් මුළාව ගිය විට මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්තුවාවූ ලෙවීවරුන්වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම් මට සේවයකිරීමට මා ළඟට පැමිණෙන්ටත් තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්ටත් පුළුවනැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මෙසේ අණකරන්නේ ඉශ්‍රායෙල් පුත්‍රයන් එළිමහනේ පූජාකරන තමන්ගේ පූජාවල් ස්වාමීන්වහන්සේ වෙතට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනවුත් ශාන්ති පූජාවල් කොට ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිසය.
පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ.
ඔහු තමාගේ අත උගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා මිහිරි සුවඳක් පිණිස ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ. තෙල සියල්ලම ස්වාමීන්වහන්සේට අයිතිය.
ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ ඉස පිට තබා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිත්වා.
ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනයෙහි ගින්නේ දර පිට තිබෙන දවන පූජාව මත්තෙහි එය දවත්වා. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳ පූජාවක්ය.
ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
එහෙත් එළදෙනෙකුගේ හෝ බැටළුදෙනෙකුගේ හෝ එළුදෙනෙකුගේ හෝ කුලුඳුලා නොමිදිය යුතුය, උන් ශුද්ධය. උන්ගේ ලේ පූජාසනය පිට ඉස, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ගිනි පූජාවක් කොට උන්ගේ තෙල දවන්න.