ඉශ්‍රායෙල් වංශයේ කොයි මනුෂ්‍යයෙක් නුමුත් ගවයෙක්වත් බැටළුපැටවෙක්වත් එළුවෙක්වත් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට පූජාවක්කොට ඔප්පුකරන්ට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනැවිත්,
ඒ දවස් වන තුරු ස්වාමීන්වහන්සේගේ නාමයට කිසි ගෘහයක් ගොඩනගා නොතිබුණු බැවින් සෙනඟ උස් තැන්වල පූජා ඔප්පුකළෝය.
ස්වදේශීවූ හෝ විදේශීවූ හෝ කවරෙක් නුමුත් ඉබේ නැසුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනලද සතෙකුගේ මාංස කෑවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය, ඊට පසු ඔහු පවිත්‍රවන්නේය.
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද මෙසේ කියන්න– ස්වාමීන්වහන්සේ අණකළ දේ නම් මේය:
කඳවුරේදී හෝ පිටතදී හෝ ඌ මැරුවොත් ඒ මනුෂ්‍යයාට ලේ අපරාධය තබනු ලැබේ; ඒ මනුෂ්‍යයා ලේ වැගිරෙවු බැවින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
තවද ඔවුන්ට මෙසේ කියන්න: ඉශ්‍රායෙල් වංශයෙන්වත් ඔවුන් අතරෙහි වසන විදේශීන්ගෙන්වත් දවන පූජාවක් හෝ යාගයක් හෝ පූජාකරන කවරෙක් නුමුත්,
ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ ඉස පිට තබා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිත්වා.