පාප පූජාවේ තෙල පූජාසනය පිට දැවිය යුතුය.
අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න.
ශුද්ධ ඉඩමකදී වතුර නාවාගන, තමාගේ වස්ත්‍ර හැඳගන පිටතට අවුත්, තමාගේ දවන පූජාවද සෙනඟගේ දවන පූජාවද ඔප්පුකර, තමා උදෙසාද සෙනඟ උදෙසාද සමගිකමක් කරන්නේය.
අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය.
එවිට ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකර තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරන්නේය.
ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද,
ඔහු උගේ තෙල සියල්ලම අහක්කොට ඒවා පූජාසනය පිට දැවිය යුතුය.