ප්‍රමේහය ඇති අය පවිත්‍ර කෙනෙකු පිටට කෙළගැසුවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රවන්නේය.
නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.
නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.
ප්‍රමේහය ඇත්තාගේ ශරීරයෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
ප්‍රමේහය ඇති අය නැගී යන සියලු රථවාහනද අපවිත්‍රවන්නේය.
අපවිත්‍ර අය ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේයයි කීසේක.
දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.
මක්නිසාද පුරාණ කාලයේදී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති.