Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 15:32

Sinhala Revised Old Version

වැගිරීමක් ඇත්තාද ශුක්‍ර වැගිරීමෙන් අපවිත්‍ර වෙන්නාද ඔසප් ඇතිවීමෙන් අසනීපව සිටින්නීද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

ගෘහයේ නියමය මෙසේය: කන්ද මුදුනෙහි වටකරම එහි මුළු සීමාව ඉතා ශුද්ධය. ගෘහයේ ව්‍යවස්ථාව ඒකය.

අපවිත්‍රයන්ද පවිත්‍රයන්ද අතරෙත් කෑමට සුදුසු සතුන්ද කෑමට නුසුදුසු සතුන්ද අතරෙත් වෙනස දැක්වීමට,

ලෝම නොහොත් හණ වස්ත්‍රයක්වත් දිග නූල්වත් හරස් නූල්වත් හමෙන් සෑදූ යම් දෙයක්වත් පවිත්‍රය නොහොත් අපවිත්‍රයයි කියන පිණිස ඒවායේ කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේකයයි කීසේක.

කුෂ්ඨරෝගියා පවිත්‍රවීමේ දවසෙහි ඔහු පිළිබඳ ව්‍යවස්ථාව මේය–ඔහු පූජකයා වෙතට පමුණුවනු ලැබිය යුතුය.

තමාගේ පවිත්‍රවීමට නිසි දෙය සපයාගන්ට වත්කම මදිවූ කුෂ්ඨරෝගියා ගැන ව්‍යවස්ථාව ඒකයයි කීසේක.

සියලු ආකාර කුෂ්ඨරෝගද කබලුද,

යම් පුරුෂයෙකුගේ ශුක්‍රධාතුව ඔහු කෙරෙන් පිටවුණොත් ඔහු තමාගේ මුළු ශරීරය වතුරෙන් සෝදාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.

එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස නුඹලා ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.

පුරුෂයෙක් නුමුත් ස්ත්‍රියෙක් නුමුත් වැගිරීමක් ඇති අයද අපවිත්‍ර ස්ත්‍රියෙක් සමඟ සයනයකරන්නාද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.

මනුෂ්‍යයෙක් කූඩාරමක මැරුණු කල්හි ව්‍යවස්ථාව මේය: ඒ කූඩාරමට ඇතුල්වන සියල්ලෝද කූඩාරමේ සිටින සියල්ලෝද සත් දවසක් අපවිත්‍රව සිටින්නෝය.

කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ,

නසරීයයාගේ කැපව සිටීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ගැන ව්‍යවස්ථාව මේය: ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පමුණුවනු ලැබ,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්