ඇගේ වැගිරීමේ සියලු දවස්වලදී ඇ සැතපෙන සියලු යහන් ඇගේ කිලුටුකමේ යහන මෙන් වන්නේය. ඈ හිඳින සියල්ලද ඇගේ කිලුටුකමේ අපවිත්‍රකම මෙන්ම අපවිත්‍රවන්නේය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර මෙසේ කියන්න–ස්ත්‍රියෙක් ගර්භිණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ සත් දවසක් අපවිත්‍රව සිටින්නීය; ඈ ඔසප්වී වෙන්ව සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නීය.
යම් ස්ත්‍රියෙකුට ඇගේ කිලුටුකමේ කාලයට ඇතුළත් නැති බොහෝ දවසක් ලේ වැගිරීමක් වන්නේනම් නොහොත් ඇගේ කිලුටුකමේ කාලයට වැඩි කාලයක් ලේ වැගිරීමක් වන්නේනම් ඇගේ අපවිත්‍රකමේ සියලු දවස්වල ඇගේ කිලුටුකමේ දවස්වලදී මෙන් සිටින්නීය. ඈ අපවිත්‍රය.
එහි ස්පර්ශවන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය, ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.