ඈ හිඳගන්න කිසිවක ස්පර්ශවන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.
ඇගේ යහනෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
යහන පිටවත් ඈ හිඳගන්න දෙයක් පිටවත් තිබෙන දෙයෙහි ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.
අපවිත්‍ර අය ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේයයි කීසේක.