ඒ ගෙයි නිදන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය; ඒ ගෙයිදී කෑම කන්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගත යුතුය.
උන්ගේ මළකුණුවලින් කිසිවක් උසුලා ගෙනයන කවරෙක් නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.
තවද ගෙය වසා තිබෙන කාලය තුළ එහි ඇතුල්වන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.
පූජකයා අවුත් බැලූ විට ගෙය බදාම ගෑ පසු කුෂ්ඨය ගෙයි පැතිර ගොස් නැත්නම් කුෂ්ඨය සුවවූ බැවින් ගෙය පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කරාවා.