Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 14:45

Sinhala Revised Old Version

ඔහු ගෙය ඒකේ ගල්ද ඒකේ දඬුද ගෙයි බදාම සියල්ලද ඇතුළුව කඩාදමා නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයකට ගෙන ගිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

බාල්ගේ රූපස්තම්භ බිඳ දමා, බාල්ගේ ගෘහයත් බිඳ දමා, අද දක්වා තිබෙන හැටියට එය වැසිකිළියක් කළෝය.

ඔහු උස් තැන් පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කණු කපාදමා, මෝසෙස් විසින් සෑදූ පිත්තල සර්පයාත් කැබලිකොට දැමුවේය; මක්නිසාද ඒ දවස් දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඊට සුවඳ දුම් ඔප්පුකළෝය; ඔහු ඊට නෙහුෂ්තාන්යයි නම් තැබුවේය.

ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජගෙයද ගිනිලැවුවේය; යෙරුසලමේ සියලු ගෙවල්ද එනම් හැම ලොකු ගෙවල්ද ගිනි ලැවුවේය.

නැවත එයින් ස්වල්පයක් රැගෙන ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවන්න; එයින් මුළු ඉශ්‍රායෙල් වංශයට විරුද්ධව ගින්නක් නික්මෙන්නේය.

තවද ඔහු ගෙයි ඇතුළත වටකරින් සූරන්ට සැලැස්විය යුතුය, ඔව්හු සූරාදමන බදාම නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයක දමා,

තවද ගෙය වසා තිබෙන කාලය තුළ එහි ඇතුල්වන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.

රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.

නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? සැබවක් නුඹලාට කියමි–කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක.

මාළිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍යජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔව්හු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් පයින් පාගාදමන්නෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්