තවද ඔහු ගෙයි ඇතුළත වටකරින් සූරන්ට සැලැස්විය යුතුය, ඔව්හු සූරාදමන බදාම නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයක දමා,
ඔව්හු සොහොන් අතරේ හිඳිති, රහස් ස්ථානවලද රාත්‍රිය පසුකරති. ඔව්හු ඌරු මස් කති, පිළිකුල් ද්‍රව්‍යවල හොදිද ඔවුන්ගේ භාජනවල තිබේ.
ඔව්හු තීර්හි පවුරු නාස්තිකොට එහි කොත් බිඳදමන්නෝය. මම එහි ධූලි එතනින් අතුගාදමා එය මුඩු පර්වතයක් කරන්නෙමි.
කුෂ්ඨය ඇති ගල් ගළවා නුවරින් පිට අපවිත්‍ර ස්ථානයක ඒවා දමන්ට පූජකයා අණකළ යුතුය.
වෙන ගල් ගෙන අනික් ගල් තිබුණු තැන්වල තබත්වා; ඔහු වෙන බදාම රැගෙන ගෙයි බදාම ගෑ යුතුය.
ඔහු ගෙය ඒකේ ගල්ද ඒකේ දඬුද ගෙයි බදාම සියල්ලද ඇතුළුව කඩාදමා නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයකට ගෙන ගිය යුතුය.
ඔහුට තදබලලෙස අච්චුකොට, වංචාකාරයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේය.
උන්වහන්සේ එගොඩව ගදරීනයන්ගේ රටට පැමිණි කල යක්ෂාවේශවූ දෙදෙනෙක් සොහොන් ගෙවල්වලින් පිටත්ව උන්වහන්සේගේ පෙරමගට එනවා උන්වහන්සේට සම්බවිය. ඔවුන් ඉතා රෞද්‍ර නිසා ඒ පාරෙන් කිසිවෙකුට යන්ට නුපුළුවන් විය.
හිමෙනියස්ද අලෙක්ෂන්දර්ද එබඳු තැනැත්තෝය. අපහාස නොකරන්ට දැනමුතුවෙන පිණිස ඔවුන් සාතන්ට භාරදුනිමි.
පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.