ඔහු කුෂ්ඨය බැලූ කල කුෂ්ඨය ගෙයි බිත්තිවල පලාවන් හෝ රත්වන් හෝ පැළුණු රේඛා සහිතව බිත්තියට වඩා පහත් පෙනීමක් ඇතුව තිබුණොත්,
පූජකයාද ශරීරයේ හමෙහි රෝගය බලාවා. රෝගය තිබෙන තැන මයිල් සුදුවූ බවද ඒ රෝගය සෑදී තිබෙන ස්ථානය ඔහුගේ ශරීරයේ හමට වඩා පහත්ව තිබෙන බවද පෙනේනම් ඒක කුෂ්ඨයේ ලකුණක්ය. පූජකයා ඔහු බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය.
නුමුත් මුඩු හිසේවත් මුඩු නළලේවත් රතට හුරු සුදු ලපයක් හටගත්තොත් එය ඔහුගේ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි හෝ හටගන්න කුෂ්ඨයක්ය.
ඒ කුෂ්ඨය වස්ත්‍රයේ හෝ හම්වල හෝ දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමින් සෑදූ යම් දෙයකවත් කොළපාට ඇතුව නොහොත් රතුව පෙනුණොත්, ඒක කුෂ්ඨයක් බැවින් පූජකයාට පෙන්විය යුතුය.
එවිට ගෙයි තිබෙන සියල්ල අපවිත්‍ර නොවන පිණිස පූජකයා කුෂ්ඨය බැලීමට ඇතුල් වෙන්ට මත්තෙන් ගේ හිස්කරන්ට ඔවුන්ට අණකළ යුතුය. ඉන්පසු පූජකයා ගෙය බලන්ට ඇතුල්විය යුතුය.
පූජකයා ගෙයින් පිටතට දොරකඩ ළඟට ඇවිත් සත් දවසක් ගෙය වසා තබා,