එවිට ඔහු තමාගේ වත්කමේ හැටියට කොබෙයියන්ගෙන්වත් පරෙවි පැටවුන්ගෙන්වත්,
බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීයයි කීසේක.
තවද තමාගේ වත්කමේ හැටියට කොබෙයියන් දෙන්නෙක්ද නොහොත් පරෙවි පැටවුන් දෙන්නෙක්ද එකෙක් පාප පූජාවක් පිණිසත් අනිකා දවන පූජාවක් පිණිසත් ගනීවා.
පූජකයාගේ අල්ලේ ඉතුරුවෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කිරීමට ඔහුගේ හිසේ ගෑ යුතුය.
තමාගේ වත්කමේ හැටියට එකෙක් පාප පූජාවක් කොටද අනිකා දවන පූජාවක් කොටද ආහාර පූජාව ඇතුළුව ඔප්පුකෙරේවා. එසේ පූජකයා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කරන්නේය.
එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.
ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි කියා තිබෙන හැටියට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජාකරන පිණිසද, ඔව්හු උන්වහන්සේ යෙරුසලමට ගෙනාවෝය.
මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.