Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 14:3

Sinhala Revised Old Version

පූජකයාද කඳවුරෙන් පිටතට ගොස් ඔහු බැලිය යුතුය, කුෂ්ඨරෝගය සුවවී කුෂ්ඨරෝගියාගෙන් පහවී තිබෙන බව දුටුවොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.

ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කථාකොට: මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇතැයි කීවාය.

මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.

මනුෂ්‍යයෙකුගේ ශරීරයේ හමෙහි බිබිලක්වත් කබොල්ලක්වත් රතුපල්ලක්වත් හටගැනී ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කුෂ්ඨ ලකුණක් වන්නේ නම් ඔහු පූජකයාවූ ආරොන් වෙතට හෝ ඔහුගේ පුත්‍රයන්වූ පූජකයන්ගෙන් එක්කෙනෙකු වෙතට හෝ පමුණුවනු ලබාවා.

රෝගය ඔහුට තිබෙන මුළු කාලයෙහි ඔහු අපවිත්‍රව සිටින්නේය; අපවිත්‍ර බැවින් ඔහු තනියම වාසයකළ යුතුය; ඔහුගේ වාසස්ථානය කඳවුරෙන් පිටත වන්නේය.

පූජකයා අවුත් බැලූ විට ගෙය බදාම ගෑ පසු කුෂ්ඨය ගෙයි පැතිර ගොස් නැත්නම් කුෂ්ඨය සුවවූ බැවින් ගෙය පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කරාවා.

රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න.

අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.

අනාගතවක්තෘවූ එලිෂාගේ කාලයේදී ඉශ්‍රායෙල්හි බොහෝ කුෂ්ඨරෝගීන් සිටිය නුමුත්, සිරියාවේ නාමන් මිස ඔවුන්ගෙන් කිසිවෙක් පවිත්‍රකරනු නොලැබුයේයයි කීසේක.

උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඇසූ දුටු දේ ගොස් යොහන්ට දන්වන්න; බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, අන්ධයෝ පෙනීම ලබති. කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍රකරනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්