පූජකයා ඒ දවන පූජාවද ආහාර පූජාවද පූජාසනය පිට ඔප්පුකොට ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔහු පවිත්‍රවන්නේය.
අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා.
පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.
සත්වෙනි දවසේදී තමාගේ සියලු කේස එනම් තමාගේ ඉසකෙස්ද තමාගේ රැවුලද තමාගේ ඇස්බැමිද බූගාගන තමාගේ වස්ත්‍ර සෝදාගන තමාගේ ශරීරය වතුරෙන් නාවාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය.
ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.