ශුද්ධ ස්ථානයෙහි පාප පූජාවේද දවන පූජාවේද සතුන් මරන ස්ථානයෙහි ඔහු බැටළු පැටවා මැරිය යුතුය. මක්නිසාද පාප පූජාව පූජකයාට අයිතිවාක් මෙන් අපරාධ පූජාවත් අයිතිය. ඒක අතිශුද්ධය.
එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඒ ගොනා මරන්න.
එවිට ඔහු මට කථාකොට: වෙන්වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමරද දකුණු කාමරද ශුද්ධ කාමර වෙත්, එහි ස්වාමීන්වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අති ශුද්ධ දේවල් කන්නෝය. එහි ඔව්හු අති ශුද්ධ දේවල්ද ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද තබන්නෝය; මක්නිසාද ඒ ස්ථානය ශුද්ධය.
ඔහු පූජාසනයට උතුරු පැත්තේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය.
නුඹලා පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් නුඹලා සභාවේ අයුතුකම පහකරන පිණිසද ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඔවුන් උදෙසා සමගිකමක් කරන පිණිසද උන්වහන්සේ එය නුඹලාට දී තිබේ.
ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
අති ශුද්ධවූද ශුද්ධවූද දේවලින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔහුට කන්ට පුළුවන.
තමාගේ අත එළුවාගේ හිස පිට තබා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාව මරන තැන්හිදී ඌ මරාවා. එය පාප පූජාවක්ය.
ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ස්වාමීන්වහන්සේ ඉදිරියට ගොනා ගෙනවුත් තමාගේ අත ගොනාගේ හිස පිට තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මරන්ට ඕනෑය.
ඔව්හු දවන පූජාවේ සතා මරන තැනදී අපරාධ පූජාවේ සතාද මරත්වා. ඔහු උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසීවා.