ඔහු කුෂ්ඨ රෝගකාරයෙක්ය, ඔහු අපවිත්‍රය; ඔහු අපවිත්‍රයයි පූජකයා සැබවින් ප්‍රකාශකළ යුතුය; ඔහුගේ රෝගය ඔහුගේ හිසෙහිය.
ඔව්හු යෞවන වයසේදී නසිති; ඔවුන්ගේ ජීවිතය දූෂ්‍යවූවන් අතරේ විනාශවෙයි.
නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.
එවිට පූජකයා ඔහු බලාවා. තවද ශරීරයේ හමේ කුෂ්ඨරෝගයේ පෙනීම වාගේ රතට හුරු සුදු කුෂ්ඨ ඉදිමුමක් ඔහුගේ මුඩු හිසේවත් මුඩු නළලේවත් තිබුණොත්,
කුෂ්ඨරෝගය ඇති අය තමාගේ වස්ත්‍ර ඉරාගන හිසකේ විදහාගන උඩු තොල වසාගන: අපවිත්‍රය අපවිත්‍රය කියා මොරගැසිය යුතුය.
නුඹේ ඇස නපුරුනම්, නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද!