තවද සත්වෙනි දින පූජකයා ලපය බලාවා. එවිට කබොල්ල හමෙහි පැතිර නොගොස් හමට වඩා පහත්ව නැති බව පෙනුණොත් ඔහු පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කෙරේවා. ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන පවිත්‍රවන්නේය.
පූජකයා ලපය බැලිය යුතුය. එවිට ඒක හමට වඩා පහත් බවද ඒකේ කහවන් සිහින් මයිල් තිබෙන බවද පෙනුණොත් පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක කබොල්ලක්ය, හිසේ නොහොත් රැවුලේ කුෂ්ඨයක්ය.
ඔහුගේ හිස මුඩුකරනු ලැබිය යුතුය, එහෙත් ලපය මුඩු නොකළ යුතුය; පූජකයා කබොල්ල ඇත්තා තවත් සත් දිනක් වෙන්කර සිටුවා තබාවා.
එහෙත් ඔහුගේ පවිත්‍රවීමෙන් පසු කබොල්ල හමේ පැතුරුණොත් පූජකයා ඔහු බලාවා.
ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.
තවද මාංසය කරණකොටගෙන කැලැල්වූ වස්ත්‍රයට පවා ද්වේෂකරමින්,
එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද,