පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට හෝ හිසේ නොහොත් රැවුලේ ලපයක් තිබෙන විට,
එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.
කොයි යම් මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබගේ මුළු සෙනඟවූ ඉශ්‍රායෙල් විසින් හෝ තම තමුන්ගේ සිත්වල පීඩාව දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්,
කොයි මනුෂ්‍යයෙකු විසින් නුමුත්, ඔබගේ මුළු සෙනඟවූ ඉශ්‍රායෙල් විසින් නුමුත්, තම තමුන්ගේ සිත්වල පීඩාවද දුකද දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්,
මම මේ කාරණාව අසා, මාගේ වස්ත්‍රයත් සළුවත් ඉරාගෙන, මාගේ හිසකේද රැවුලද උදුරා, ත්‍රස්තවී හිඳගතිමි.
ආහාර කන්නාක් මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, දෙවියන්වහන්සේට යාච්ඤා නොකරන්නාවූ, අයුතුකම් කරන්නන්ට දැනුමක් නැද්ද?
නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.
නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරත් තබන්නාවූ අයට දුක් වේ!
හිස නම් වෘද්ධයා සහ ගෞරව ඇත්තාය; වල්ගය නම් බොරු උගන්වන අනාගතවක්තෘය.
තවද මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න, එය පනික්කියන්ගේ දැළිපිහියක් මෙන් හැරගෙන, නුඹේ හිසද නුඹේ රැවුලද එයින් බූගා, කිරන තරාදියක් රැගෙන ඒ කේශ බෙදන්න.
එහෙත් පල්ල පැතිර නොගොස්, තිබුණු තැනම නැවතී මැලවී තිබුණොත්, ඒක දෑවාවූ තුවාලයෙන් හටගත් ඉදිමුමය, පූජකයා ඔහු පවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක තුවාලයේ කැලලය.
පූජකයා ලපය බැලිය යුතුය. එවිට ඒක හමට වඩා පහත් බවද ඒකේ කහවන් සිහින් මයිල් තිබෙන බවද පෙනුණොත් පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක කබොල්ලක්ය, හිසේ නොහොත් රැවුලේ කුෂ්ඨයක්ය.
එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.
නුඹේ ඇස නපුරුනම්, නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද!