ජලයෙහි ඉන්න සියල්ලන්ගෙන් නුඹලාට කන්ට පුළුවන්වන්නේ මේ සත්වයෝය: එනම් මුහුදුවලත් ගංගාවලත් ජලයෙහි ඉන්නාවූ වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන.
එහෙත් ජලයෙහි හැසිරෙන සියල්ලන්ගෙන්ද ජලයෙහි ඉන්නාවූ පණ ඇති සියලු සතුන්ගෙන්ද මුහුදුවලත් ගංගාවලත් ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති සියල්ලෝ නුඹලාට පිළිකුලක්ය,
උන්ගේ මාංස නොකන්න, උන්ගේ මළකුණු ස්පර්ශනොකරන්න; උන් නුඹලාට අපවිත්‍රය.
දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.
එසේය, යමෙක් කථාකොට: නුඹට ඇදහිල්ල තිබේ, මට ක්‍රියාවල් තිබේ. ක්‍රියා නැතුව නුඹේ ඇදහිල්ල මට පෙන්වන්න, මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වන්නෙමියි කියනවා ඇත.