එහි තිබෙන කන්නාවූ කොයි කෑමක් පිටට නුමුත් [උන්ගේ] වතුර වැටේද ඒ කෑම අපවිත්‍රවන්නේය; එබඳු හැම භාජනවලින් බොන සියලු බීම අපවිත්‍රවන්නේය.
දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය; ඔහු එය ප්‍රයෝග සිතින් ගෙනෙන විට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
අහංකාර බැල්මද උඩඟු සිතද යන දුෂ්ටයන්ගේ පහන පාපයය.
පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය.
උන්ගෙන් යම් එකෙක් මැටි භාජනයක වැටුණොත් එහි තිබෙන සියල්ල අපවිත්‍රවන්නේය, ඒකද බිඳ දැමිය යුතුය;
උන්ගේ මළකුණෙන් කිසිවක් යම් දෙයක් පිටට එනම් උදුනක හෝ වලන් මැස්සක හෝ වැටුණොත් එය බිඳදැමිය යුතුය. ඒවා අපවිත්‍රය, ඒවා නුඹලාට අපවිත්‍රවන්නේය.
පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.