උන්ගේ මළකුණුවලින් කිසිවක් උසුලා ගෙනයන කවරෙක් නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.
මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.
හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.
මෝසෙස් කන්දෙන් සෙනඟ ළඟට බැස අවුත් ඔවුන් පවිත්‍රකෙළේය; ඔව්හු තමුන්ගේ වස්ත්‍ර අපුල්ලාගත්තෝය.
නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.
බෙදුණු නුමුත් වෙන්නූණ කුර ඇති වමාරානොකන සියලු මෘගයෝ නුඹලාට අපවිත්‍රය. උන්ට ස්පර්ශවන සියල්ලෝද අපවිත්‍ර වන්නෝය.
උන්ගේ මළකුණු උසුලාගනයන්නා තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ සත්තු නුඹලාට අපවිත්‍රය.
ඒ මළකුණෙන් කන තැනැත්තේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ මළකුණ උසුලාගන යන තැනැත්තේද තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.
සත්වෙනි දිනදී නැවත ඔහු බලාවා, එවිට ඒ කුෂ්ඨ ලකුණු හමෙහි පැතිර නොගොස් මැලවී තිබේනම් පූජකයා ඔහු පවිත්‍රයයි කිය යුතුය. ඒ කබොල්ලක්ය. ඔහු තමාගේ වස්ත්‍ර සෝදා පවිත්‍රවන්නේය.
තවද ගෙය වසා තිබෙන කාලය තුළ එහි ඇතුල්වන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.
ඒ ගෙයි නිදන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය; ඒ ගෙයිදී කෑම කන්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගත යුතුය.
පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.
ප්‍රමේහය ඇති අය ප්‍රමේහයෙන් පවිත්‍රවූ කල ඔහු තමාගේ පවිත්‍රවීමට සත් දවසක් පසුකොට තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ ශරීරය බැස යන වතුරෙන් නාවා ගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය.
පූජකයාද උන්ගෙන් එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, ඔහුගේ ප්‍රමේහය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.
ඔහුගේ යහනේ ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය.
ඒවා පුලුස්සාදමන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන, වතුර නාගන, පසුව කඳවුරට එන්නේය.
ස්වදේශීවූ හෝ විදේශීවූ හෝ කවරෙක් නුමුත් ඉබේ නැසුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනලද සතෙකුගේ මාංස කෑවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය, ඊට පසු ඔහු පවිත්‍රවන්නේය.
ස්පර්ශවන තැනැත්තෙක්වත් සවස දක්වා අපවිත්‍රවන්නේය, තමා වතුර නාගත්තොත් මිස නැත්නම් ඔහු ශුද්ධ දේවලින් නොකෑ යුතුය.
ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.
ගොන් නෑම්බියගේ අලු එකතුකරන්නා තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය. ඔහු සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය. එය ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද ඔවුන් අතරෙහි සිටින විදේශියාටද සදාකාල පනතක් පිණිස වන්නේය.
එසේ පවිත්‍ර තැනැත්තේ තුන්වෙනි දාත් සත්වෙනි දාත් අපවිත්‍ර තැනැත්තාට වතුර ඉසීවා. එසේ සත්වෙනි දින හෙතෙම ඔහුගේ දෝෂ පහකරාවා; ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගන සවස පවිත්‍ර වන්නේය
එවිට පූජකයා තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, පසුව කඳවුරට ඇතුල්වෙන්ට ඔහුට පුළුවන, ඔහු සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය.
ඌ දැවූ තැනැත්තේ තමාගේ වස්ත්‍ර දියෙන් සෝදා, වතුර නාගන, සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය.
සත්වෙනි දවසේ නුඹලාගේ වස්ත්‍ර සෝදාගන්න, එවිට නුඹලා පවිත්‍රවන්නහුය, ඉන් පසු කඳවුරට ඇතුල්වෙන්ට පුළුවනැයි කීවේය.
ඔබවහන්සේට කිසිකලක මාගේ පාද සෝදන්ට නොදෙමියි පේතෘස් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට නැතැයි ඔහුට කීසේක.
ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමන්නැයි කීවේය.
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
මේවා (කෑමවලින්ද බීමවලින්ද නානාප්‍රකාර සේදීම්වලින්ද යුක්තවූ,) සකස්කිරීමේ කාලය දක්වා පවතින්නාවූ, මාංසයට අයිති නියෝගවා පමණක්ය.
ඊට සමානව තිබෙන බව්තීස්මයේ වතුරෙන් එනම් මාංසයේ කිලිටුකම පහකිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැළවෙන්නහුය.
නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.
මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.