Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 10:7

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේගේ ආලේප තෛලය නුඹලා පිට තිබෙන නිසා, නුඹලා නොනස්නා පිණිස, සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොගොස් සිටින්නැයි කීවේය. ඔව්හු මෝසෙස්ගේ වචනය ලෙස කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.

එවිට නුඹ ආලේප තෛලය ගෙන ඔහුගේ හිස පිට වත්කරමින් ඔහු ආලේපකරන්න.

ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ආලේප කොට විශුද්ධකරන්න.

ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට:

ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුය, තමාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය කිලුටු නොකළ යුතුය; මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෛලය නමැති ඔටුන්න ඔහු පිට තිබේ. මම ස්වාමීන්වහන්සේය.

ඔහු ආරොන් පවිත්‍රකරන පිණිස ඔහුගේ හිස පිට ආලේප තෛලය වත්කොට ඔහු ආලේපකෙළේය.

මෝසෙස් ආලේප තෙලින් හා පූජාසනය පිට තිබුණු ලෙයින් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයන් පිටද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර පිටද ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද විශුද්ධ කෙළේය.

උන්වහන්සේද: මළාවූ අය තමුන්ගේ මළවුන් තැන්පත්කරත්වා; නුඹ ගොස් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්නැයි ඔහුට කීසේක.

දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය.

ඉදින් නුඹලා සමඟ අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරකරන්නෙත් අප ආලේපකළෙත් දෙවියන්වහන්සේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්