Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 1:8

Sinhala Revised Old Version

ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් හිසද තෙලද යන කොට්ඨාස පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ පිළිවෙළින් තැබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

එබැවින් අපට ගොන් දෙන්නෙක් දෙත්වා; ඔව්හු එක ගොනෙක් තෝරාගෙන කැබෙලිකර කපා දර පිට තබා, යටින් ගිනි නොතබත්වා. මමත් අනික් ගොනා පිළියෙළකොට දර පිට තබා, යටින් ගිනි නොතබන්නෙමි.

දර පිළිවෙළින් තබා, ගොනා කැබෙලිකොට කපා දර පිට තැබුවේය. තවද: වතුර සැළි සතරක් පුරවා දවන යාගය පිටත් දර පිටත් වත්කරන්නැයි ඔහු කීවේය.

අල්ලක පළල ඇති කොකු ගේ ඇතුළේ වටේට සවිකර තිබුණේය. මේස පිට පූජාවේ මාංස තබනලදී.

ඔහු උගේ හිසද තෙලද සමඟ ඌ කොට්ඨාසවලට කපාවා. පූජකයාද පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ ඒවා පිළිවෙළින් තැබිය යුතුය;

ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද,

වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟින් තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද වෙන්කොට ස්වාමීන්වහන්සේට ශාන්ති පූජා යාගයෙන් ගින්නෙන් කළ පූජාවක් ඔප්පු කෙරේවා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්