Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



රෝම 4:9

Sinhala Revised Old Version

එසේවී නම් මේ ආශීර්වාදය ප්‍රකාශකරනලද්දේ චර්මඡේදිතයන් කෙරෙහිද? නොහොත් අචර්මඡේදිතයන් කෙරෙහිත්ද? මක්නිසාද: ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලදැයි අපි කියමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

ඔහු ස්වාමීන්වහන්සේ විශ්වාසකෙළේය; උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගත්සේක.

එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක.

ගැළවීම මාගේ ඇස්වලින් දුටිමියි කීවේය.

එසේවී නම් ගණන්ගන්නාලද්දේ කෙසේද? ඔහු චර්මඡේදිතව සිටිය කල්හිද? නොහොත් අචර්මඡේදිතව සිටිය කල්හිද? චර්මඡේදිතව සිටිය කල්හි නොව අචර්මඡේදිතව සිටිය කල්හිමය.

මක්නිසාද ලියවිල්ලේ කුමක් කියා තිබේද? ආබ්‍රහම් දෙවියන්වහන්සේව විශ්වාසකෙළේය, එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය කියාය.

මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය.

සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්,

එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්