ඒ නිසා ළඟ නෑයා: නුඹ ඒක මිලේට ගන්නැයි බෝවස්ට කියා තමාගේ මිරිවැඩිය ගැළෙවුවේය.
ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වැඩිමහල්ලන් ඉදිරියෙහි ඔහු ළඟට ගොස්, ඔහුගේ මිරිවැඩියක් ඔහුගේ පයින් ගළවා, ඔහුගේ මුහුණට කෙළගසා: තමාගේ සහෝදරයාගේ පවුල ගොඩ නොනගන මනුෂ්‍යයාට මෙසේ කළ යුතුයයි උත්තරදෙමින් කියාවා.
පෙර කාලයේ මුදාගැනීමද හුවමාරු කරගැනීමද ගැන සියලු කාරණා ඉශ්‍රායෙල්වරුන් අතරේ ස්ථිරකිරීමේ සිරිත මෙසේය: එක්කෙනෙක් තමාගේ මිරිවැඩිය ගළවා අනික් අයට දෙන්නේය. ඒක ඉශ්‍රායෙල්වරුන් අතරේ සහතිකකිරීමේ විධියව තිබුණේය.
බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට නුඹලා අද සාක්ෂිකාරයෝය.