Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



රූත් 4:3

Sinhala Revised Old Version

ඔහු ඒ ළඟ නෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.

උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.

බලව, නුඹේ පියාගේ සහෝදරයාවූ ෂල්ලුම්ගේ පුත්‍රයා වන හනමෙල් නුඹ ළඟට ඇවිත්: අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද ඒක මිලේටගන්නා පිණිස මිදීමේ බලය තිබෙන්නේ නුඹටය කියා කියන්නේයයි කීවේය.

නුඹේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය.

ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්