Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



රූත් 4:17

Sinhala Revised Old Version

අසල්වාසි ස්ත්‍රියෝ: නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

නායොමි ළදරුවා ගෙන තමාගේ ළයෙහි හොවා ඇතිකළාය.

පෙරෙශ්ගේ පෙළපත් මේය: පෙරෙශ් හෙශ්රොන් ඉපදවිය;

ඕබෙද් යෙස්සේ ඉපදවිය, යෙස්සේ දාවිත් ඉපදවිය.

ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.

දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්