මෙසේ යව කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිමවනතෙක් ඈ ඇහිඳින පිණිස බෝවස්ගේ යෞවනියන් එක්කම සිටියාය; ඈ වනාහි ඇගේ නැන්දා සමග විසුවාය.
හණ සහ යවද නාස්තිවුණේය. මක්නිසාද යව කරල් හටගෙන තිබුණේය, හණද පීදී තිබුණේය.
ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.
ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
පේතෘස් මළුවෙහි පහළ සිටියදී උත්තම පූජකයාගේ මෙහෙකාර තරුණියන්ගෙන් එක්කෙනෙක් ඇවිත්
නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය.
සති සතක් නුඹට ගණන්කරගන්න. දෑකැත්ත ගොයමට යොදන තැන් පටන් ඒ සති සත ගණන්කරන්ට පටන් ගන්න.
මෙසේ නායොමිද ඈ සමග මෝවබ් රටෙන් ආවාවූ ඇගේ යෙහෙළීවූ මෝවබිය රූත්ද හැරී ආවෝය. යව කපන කාලය පටන්ගැන්මේදී ඔව්හු බෙත්-ලෙහෙමට පැමුණුණෝය.
නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙතකදී මිනිසුන් නුඹට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමග යාම හොඳයයි ඇගේ යෙහෙළීවූ රූත්ට කීවාය.
එවිට ඇගේ නැන්දාවූ නායොමි ඈට කථාකොට: මාගේ දියණියෙනි, නුඹට ශුභසිද්ධියක් වෙන පිණිස මා විසින් නුඹට නිවාසයක් සොයන්ට ඕනෑ නොවේද?