එවිට රූත් ඈ සමග යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය.
තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්ථිරලෙස පැවතුණහ.
ඔහු එකඟ නුවූකල: ස්වාමීන්වහන්සේගේ කැමැත්ත වේවයි කියමින් අපි නැවතුණෙමුව.
ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.
මෙසේ ඔවුන් දෙදෙනා බෙත්-ලෙහෙමට පැමිණෙන තුරු ගමන්කළෝය. තවද ඔවුන් බෙත්-ලෙහෙමට පැමුණුණු කල මුළු නුවර ඔවුන් ගැන කැලඹී, ස්ත්‍රීහු කථාකොට: මේ නායොමිදැයි කීවෝය.