ඔව්හු: අපි නුඹවහන්සේගේ දාසයෝයයි යෝෂුවාට කීවෝය. යෝෂුවාද: නුඹලා කවුරුද? කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
එවිට ගෙයි ප්‍රධානියාද නුවර ප්‍රධානියාද වැඩිමහල්ලෝද රාජ කුමාරයන් ඇතිදැඩිකළ අයද යේහු වෙතට පණිවිඩයක් යවමින්: අපි ඔබගේ මෙහෙකරුවෝය, ඔබ අපට අණකරන සියල්ල කරන්නෙමුව; කිසිවෙකු රජකර නොගන්නෙමුව. ඔබට යහපත්ව පෙනෙන හැටියට කළමැනවැයි කීවෝය.
නුඹට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ නුඹට කප්පන් දෙමින් නුඹට සේවය කළ යුතුය.
එවිට ගිබියොන් හි මනුෂ්‍යයෝ: ඔබගේ දාසයන් අත්නෑර අප වෙතට ඉක්මනින් අවුත් අප ගළවා අපට උපකාරකළ මැනවි. මක්නිසාද කඳු රටේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධව එකතුවී සිටිතියි ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවාට කියා යැවූහ.
එබැවින් අපේ වැඩිහිටි මහල්ලෝද අපේ රට වැසි සියල්ලෝද අපට කථාකොට: නුඹලාගේ ගමනට ආහාර රැගෙන ඔවුන් සම්මුඛවෙන්ට ගොස්–අපි නුඹවහන්සේලාගේ දාසයෝය කියාද අප සමඟ ගිවිසුමක් කළ මැනවියි කියාද ඔවුන්ට කියන්නැයි අපට කීවෝය.
ඉතින් නුඹලා ශාපලද්දෝය, නුඹලාගෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දර කපන්නෝද දිය අදින්නෝද යන දාසයෝ කිසි කලක තොරනොවන්නාහයි ඔවුන්ට කීවේය.
ඉතින් අපි ඔබ අතේය; ඔබට යහපත්ව හරිව පෙනෙන ලෙස අපට කළ මැනවියි කීවෝය.
අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.