අණ්ඩ දැමූ පරණ වහන් පයලාගෙන, පරණ වස්ත්‍ර හැඳගන ගියෝය; ඔවුන්ගේ කෑමට ගත් රොටි සියල්ලද වේළී පුස්බැඳී තිබුණේය.
නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.
උන්වහන්සේද: මම සතළිස් අවුරුද්දක් නුඹලා කාන්තාරයෙහි ගෙනායෙමි. නුඹලාගේ වස්ත්‍ර නුඹලා පිට පරණ නොවීය, නුඹේ පයෙහි නුඹේ වහන් පරණ නොවීය.
නුඹේ අගුල් පොලු යකඩ සහ පිත්තලය; නුඹේ ශක්තියද නුඹේ දවස් මෙන් වන්නේය.
නුඹවහන්සේලා ළඟට එන්ට අප පිටත්වුණ දවසේදී අපේ ආහාර පිණිස මේ රොටි උනුහුම්ව තිබෙද්දීම අපේ ගෙවලින් ගතිමුව; නුමුත් දැන් මේවා වේළී පුස්බැඳීතිබේ.
අප විසින් පිරෙවු මේ මුද්‍රිකපාන සම්භාජන අලුත්ව තිබුණේය; දැන් මේවා ඉරී තිබේ. මේ අපේ වස්ත්‍රද වහන්ද ගමන ඉතා දුර නිසා පරණ වී තිබෙනවායයි කීවෝය.
ඔව්හු ප්‍රයෝගයෙන් හැසිරෙමින්, තානාපතීන් මෙන් පිටත්ව, පරණ ගෝණිද පැළී පිළියම්කළ පරණ සම් මුද්‍රිකපාන භාජනද තමුන්ගේ කොටළුවන් පිට පටවාගෙන,
ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවා වෙතට ගොස් ඔහුටත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ටත් කථාකොට: අපි දුර රටකින් ආවෙමුව. එබැවින් අප සමඟ ගිවිසුමක් කළමැනවියි කීවෝය.