නුඹවහන්සේලා ළඟට එන්ට අප පිටත්වුණ දවසේදී අපේ ආහාර පිණිස මේ රොටි උනුහුම්ව තිබෙද්දීම අපේ ගෙවලින් ගතිමුව; නුමුත් දැන් මේවා වේළී පුස්බැඳීතිබේ.
එබැවින් අපේ වැඩිහිටි මහල්ලෝද අපේ රට වැසි සියල්ලෝද අපට කථාකොට: නුඹලාගේ ගමනට ආහාර රැගෙන ඔවුන් සම්මුඛවෙන්ට ගොස්–අපි නුඹවහන්සේලාගේ දාසයෝය කියාද අප සමඟ ගිවිසුමක් කළ මැනවියි කියාද ඔවුන්ට කියන්නැයි අපට කීවෝය.
අප විසින් පිරෙවු මේ මුද්‍රිකපාන සම්භාජන අලුත්ව තිබුණේය; දැන් මේවා ඉරී තිබේ. මේ අපේ වස්ත්‍රද වහන්ද ගමන ඉතා දුර නිසා පරණ වී තිබෙනවායයි කීවෝය.