එවිට නුඹලා සැඟවී සිටින තැනින් නැගිට ඇවිත් නුවර අල්ලාගන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹලා අතට පාවාදෙන සේක.
සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ සිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය.
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: භය නොවෙන්න, නොකැලඹෙන්න. මුළු යුද්ධ සේනාව නුඹ සමඟ ගෙන නැගිට හායිට යන්න. මා විසින් හායි රජු හා ඔහුගේ සෙනඟත් ඔහුගේ නුවරත් ඔහුගේ රටත් නුඹ අතට පාවාදී තිබේ.
මක්නිසාද: පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලායන්නෝයයි කියමින්, ඔවුන් නුවරින් ඈත්කරගන්න තුරු ඔවුන් අප පස්සේ එනවා ඇත; එබැවින් අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව.
නුඹලා නුවර අල්ලාගත්තාම ඒක ගිනිලන්න; ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කරන්න. මා නුඹලාට අණකළ බව බලාගන්නැයි කීවේය.
එවිට දාවිත් නැවත ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නැගිට කෙයිලාට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවාදෙන්නෙමියි කීසේක.