Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොෂුවා 8:22

Sinhala Revised Old Version

සෙස්සෝද ඔවුන්ට විරුද්ධව නුවරින් නික්ම ආවෝය; මෙසේ ඔවුන් ඒ පැත්තෙනුත් මේ පැත්තෙනුත් ඉශ්‍රායෙල්වරුන්ට මැදිවුණ කල, ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු වෙන්ට නොහැර ඔවුන්ට පහරදුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද?

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.

සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.

ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊටත් එහි රජුටත් කඩු මුවහතින් පහරදී, එකද කෙනෙක්වත් ඉතුරු නොකර, ඔවුන්ද එහි සිටිය සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකරදමා, යෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේය.

පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.

යෝෂුවා සහ සියලු ඉශ්‍රායෙල්වරු සැඟවී සිටිය සමුදාව නුවර අල්ලා ගත් බවත් නුවර ධූමය නැගෙන බවත් දැක, හැරී ඇවිත් හායි නුවර මිනිසුන් මැරුවෝය.

හායි රජ පණපිටින් අල්වා යෝෂුවා ළඟට ගෙනාවෝය.

නුඹලා නුවර අල්ලාගත්තාම ඒක ගිනිලන්න; ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කරන්න. මා නුඹලාට අණකළ බව බලාගන්නැයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්