සන්නද්ධවූ අය හොරණෑ පිඹින පූජකයන්ට පෙරටුව ගියෝය, හොරණෑ පිඹිමින් යද්දී අනික් අය පෙට්ටියට පස්සෙන් ගියෝය.
එවිට නුඹේ එළිය පහන්වේලාව මෙන් උදාවන්නේය, නුඹේ සුවයද ඉක්මනින් හටගන්නේය. නුඹේ ධර්මිෂ්ඨකම නුඹට පෙරටුවෙන් යන්නේය; ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹට පස්සෙන් එන්නේය.
සියලු කඳවුරුවලින් අන්තිම එකවූ දාන් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ය.
යෝෂුවා සෙනඟට අණකොට කියනුයේ: ඔල්වර හඬ ගසන්ට මා විසින් නුඹලාට කියන දවස දක්වා නුඹලා ඔල්වරහඬ නොපැවැත්විය යුතුය, නුඹලාගේ කටහඬ ඇසෙන්ටවත් නුඹලාගේ කටින් කිසි වචනයක් නික්මෙන්ටවත් නොදිය යුතුය. මා කී විට ඔල්වර හඬ පවත්වන්නැයි කීවේය.
පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත ගෙන ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව නොනැවතී යමින් හොරණෑ පිම්බෝය. සන්නද්ධවූ අය ඔවුන්ට පෙරටුව ගියෝය; හොරණෑ පිඹිමින් යද්දී අනික් අය ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පස්සෙන් ගියෝය.
යෝෂුවා සෙනඟට කථාකොට නිමවූ කල, පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝය. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට පස්සෙන් ගියේය.