තවද මුළු සෙනඟ චර්මඡේද්‍ය කොට නිමවූ කල ඔවුන්ට සුවවෙන තුරු කඳවුරේ ඔව්හු තමුන්ගේ ස්ථානවල නැවතුණෝය.
තවද තුන්වෙනි දින ඔවුන් ගායව සිටි කල්හි යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් දෙදෙනෙක් වූ දීනාගේ සහෝදරයෝ වූ සිමියොන්ද ලෙවීද තමුන්ගේ කඩු රැගෙන හදිසියෙන් නුවරට වැද සියලු පිරිමින් මැරුවාහ.
උන්වහන්සේ ඔවුන් වෙනුවට නැගිටවූ ඔවුන්ගේ දරුවන් මගදී චර්මඡේද්‍යනොකළ බැවින් ඔව්හු අචර්මඡේදිතව සිටියෝය. යෝෂුවා ඔවුන් චර්මඡේද්‍ය කෙළේය.
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මම අද නුඹලා කෙරෙන් මිසරයේ නින්දාව අහකට පෙරළුවෙමියි කීසේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි අද දක්වා කියනු ලැබේ.