ඒ කාලයේ ස්වාමීන්වහන්සේ: ගල්පිහියා සාදාගෙන දෙවෙනි වර ඉශ්‍රායෙල් පුත්‍රයන් චර්මඡේද්‍යකරන්නැයි යෝෂුවාට කීසේක.
එවිට ශිප්පොරා ගල්පිහියක් රැගෙන ඇගේ පුත්‍රයාගේ චර්මාග්‍රය කපා එයින් ඔහුගේ පාද ස්පර්ශකොට: සැබවින් නුඹ මට ලෙයේ මනමාළයෙකැයි කීවාය.
නුමුත් ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ; චර්මඡේද්‍යය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය; එබඳු අයට මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන්වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ.
ඔහු අචර්මඡේදිතව සිටියදී තමාට තිබුණාවූ ඇදහිල්ලේ ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් කොට චර්මඡේද්‍යය නම් ලකුණ ලැබුවේය. මෙසේ වුණේ අචර්මඡේදිතව සිටිය නුමුත් ධර්මිෂ්ඨකම සඳහා ගණන්ගැනීම පිණිස අදහන්නාවූ සියල්ලන්ගේ පියා වන පිණිසත්, චර්මඡේදිතයෝව පමණක් නොව,
එබැවින් නුඹලාගේ කුළල් තවත් තදකර නොගෙන, නුඹලාගේ හෘදයවල චර්මාග්‍රය ඡේද්‍යකරගන්න.
නුඹ ජීවත් වෙන පිණිස නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ සිතද නුඹේ දරුමුණුබුරන්ගේ සිත්ද චර්මඡේද්‍යය කරනසේක.
අතින් නොකළ චර්මඡේද්‍යයක් වන මාංසයේ ශරීරය පහකිරීම නමැති ක්‍රිස්තුස් වහන්සේගේ චර්මඡේද්‍යයෙන් උන්වහන්සේ තුළ නුඹලා චර්මඡේද්‍ය කරනු ලැබුවහුය.
යෝෂුවා ගල්පිහියා සාදා චර්මාග්‍ර-කන්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් චර්මඡේද්‍යකළේය.