Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොෂුවා 5:12

Sinhala Revised Old Version

දේශයේ ධාන්‍යයෙන් ඔවුන් කෑවාට පසුවදා මන්නා නැවතුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තවත් මන්නා නොලැබුණේය; එහෙත් ඔව්හු කානාන් දේශයේ භෝග ඵල ඒ අවුරුද්දේ කෑවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ මනුෂ්‍ය පථයකට එන තෙක් සතළිස් අවුරුද්දක් මන්නා කෑවෝය; ඔව්හු කානාන් දේශයේ සීමාවලට පැමිණෙනතෙක් මන්නා කෑවෝය.

සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.

දේශයේ රොටි කන කල්හි ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න.

නුඹලා විසින් වැඩ නොකළ ගොයම් කපන්ට මම නුඹලා යැවීමි. අන්‍යයෝ වැඩකළෝය, නුඹලා ඔවුන්ගේ වැඩට පැමින්නෝයයි කීසේක.

පාස්කුවට පසු දවසේදීම ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ මුහුන් නොදැමූ රොටි හා විලඳ කෑවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්