ඔවුන් යොර්දානෙන් ගත්තාවූ ඒ ගල් දොළොස යෝෂුවා ගිල්ගාල්හි සිටුවා,
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේ ගල් තිබෙන්නේ කුමකටදැයි මතු කාලයේ නුඹලාගේ දරුවන් තමුන්ගේ පියවරුන්ගෙන් අසනවිට,
ඔවුන්ට අණකරමින්–නුඹලා මෙහි යොර්දාන් මැද පූජකයන්ගේ පාද ස්ථිරව පිහිටි තැන්හි ගල් දොළසක් රැගෙන නුඹලා සමඟ එතරට ගෙනගොස්, ඒවා නුඹලා අද රෑ නවාතැන් ගන්න ස්ථානයෙහි තබන්ට කියන්නැයි කීසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ යෝෂුවා අණකළ ප්‍රකාරයට කරමින් ස්වාමීන්වහන්සේ යෝෂුවාට කී ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන හැටියට යොර්දාන මැදින් ගල් දොළසක් රැගෙන, ඒවා තමුන් සමඟ මෙතරට ගෙනැවිත් ඔවුන් නැවතුණ ස්ථානයෙහි තැබුවෝය.