නුඹලා එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් මනුෂ්‍යයන් දොළොස්දෙනෙකු තෝරාගෙන,
නුඹේ නාමය ඉශ්‍රායෙල් වන්නේය යන ස්වාමීන්වහන්සේගේ වචනය ලැබූ යාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන,
මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන කානාන් දේශය සෝදිසිකරන පිණිස මනුෂ්‍යයන් යවන්න. තම තමාගේ පිය ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඔවුන් අතරේ අධිපතිව සිටින තැනැත්තන්ම යවන්නැයි කීසේක.
දේශය උරුම වශයෙන් බෙදන පිණිස සියලු ගෝත්‍රවලින් එක අධිපතියෙකු බැගින් ගන්න.
ඒ කාරණය මටත් හොඳව පෙනුණේය. මම ගෝත්‍රයකට එක්කෙනෙකු බැගින් නුඹලාගෙන් මිනිසුන් දොළොස්දෙනෙකු ගතිමි.
එබැවින් එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් දොළොස්දෙනෙකු තෝරාගන්න.
ඔවුන්ට අණකරමින්–නුඹලා මෙහි යොර්දාන් මැද පූජකයන්ගේ පාද ස්ථිරව පිහිටි තැන්හි ගල් දොළසක් රැගෙන නුඹලා සමඟ එතරට ගෙනගොස්, ඒවා නුඹලා අද රෑ නවාතැන් ගන්න ස්ථානයෙහි තබන්ට කියන්නැයි කීසේක.