යුද්ධයට සැරසුණු අය සතළිස් දහසක් පමණ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යෙරිකෝවේ සමභූමිවලට යුද්ධය පිණිස මෙතරට ආවෝය.
එහෙත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස් යෙරිකෝවේ සමභූමිවලදී ඔහු කිට්ටුකර ආවෝය. ඔහුගේ මුළු සේනාවද ඔහු වෙතින් විසිර ගියාය.
එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.
නමුත් කල්දිවරුන්ගේ සේනාව ඔවුන් පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංවී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ළඟට ඔහු ගෙනගියෝය, ඔහුද ඔහු ගැන තීන්දුව දුන්නේය.
නුමුත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංව, ඔහු අල්ලාගත්තේය; ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියේය.
නුමුත් අපි වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ ස්ථානයට පමුණුවනතුරු ඔවුන්ට පෙරටුව යන්ට සන්නද්ධව සිටින්නෙමුව. අපේ බාලයෝ දේශවාසීන් නිසා බලකොටු සහිත නුවරවල වසන්නෝය.
යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.
මම එකල්හි නුඹලාට අණකොට: මේ දේශය හිමිකරගන්නා පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය නුඹලාට දී තිබේ. සන්නාහ සන්නද්ධව නුඹලාගෙන් බලවන්තයන් ව සිටින සියල්ලන් නුඹලාගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව යන්ට ඕනෑය.
රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද සන්නද්ධව මෝසෙස් ඔවුන්ට කී ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව මෙතරට ආවෝය.
ඒ දවසේදී ස්වාමීන්වහන්සේ සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහි යෝෂුවා උසස් කළසේක; ඔව්හු මෝසෙස්ට භයව සිටියාක්මෙන් යෝෂුවාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඔහුටත් භයව සිටියෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය.
එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.