ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ සියල්ල නුඹලා පැවැත්තුවහුය, මා නුඹලාට අණකළ සියල්ල ගැන මාගේ හඬටත් කීකරුවූහුය.
නුඹලා අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් නුඹලාගේ සහෝදරයන් අත්නෑර සිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවේ භාරය රක්ෂාකළහුය.