ඉශ්‍රායෙල් පුත්‍රයන් ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධව යුද්ධයට යන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්වුණාය.
මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය දැනගැන්ම ඇතුව නොවේ.
ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිලියද් දේශයේ සිටි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද වෙතට පූජකවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස්ද,
ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:
එවිට පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද අධිපතීහුද රූබෙන් පුත්‍රයන් හා ගාද් පුත්‍රයන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත හැරී ඇවිත් ඔවුන්ට එපවත් කීවෝය.