කොහාත්ගේ අනික් පුත්‍රයන්ට එප්‍රායිම් ගෝත්‍රයේ පවුල්වලින්ද දාන් ගෝත්‍රයෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දසයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.
ඔහුගේ පුත්‍රයා උස්සීය, ඔහුගේ පුත්‍රයා සෙරහියාය;
කොහාත්ගේ අනික් පුත්‍රයන්ට [එප්‍රායිම්] ගෝත්‍රයේ පවුල්වලින්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.
කොහාත්වරුන්ගේ පවුල්වලට පස ඇටය වැටුණේය. ලෙවීවරුන්ගෙන්වූ ආරොන් පූජකයාගේ පුත්‍රයන්ට යූදා ගෝත්‍රයෙන්ද සිමියොන් ගෝත්‍රයෙන්ද බෙන්යමින් ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඉස්සාඛර් ගෝත්‍රයේ පවුල්වලින්ද ආෂෙර් ගෝත්‍රයෙන්ද නප්තලී ගෝත්‍රයෙන්ද බාෂාන්හි සිටිය මනස්සේගේ අර්ධගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.