ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස තමුන්ගේ උරුමයෙන් මෙකී නුවරවල්ද ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.
ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්‍රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.
නුඹලා ලෙවීවරුන්ට දිය යුතු සියලු නුවරවල් වනාහි නුවරවල් සතළිස් අටක්ය. ඒවාත් ඒවායේ පිට-බිමුත් දෙන්න.
කානාන් දේශයේ ෂීලෝහිදී ඔවුන්ට කථාකොට: වාසයකිරීමට නුවරවල්ද අපේ සිව්පාවුන්ට ඒවායේ පිට-බිම්ද දෙන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ආඥාකෙරෙවුසේකැයි කීවෝය.
කොහාත්වරුන්ගේ පවුල්වලට පස ඇටය වැටුණේය. ලෙවීවරුන්ගෙන්වූ ආරොන් පූජකයාගේ පුත්‍රයන්ට යූදා ගෝත්‍රයෙන්ද සිමියොන් ගෝත්‍රයෙන්ද බෙන්යමින් ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් සතළිස් අටක්ය.