ඔව්හු ගොස් කඳුකරයට පැමිණ එළවාගන ගිය අය හැරී යනතුරු තුන් දවසක් එහි නැවතුණෝය. එළවාගන ගිය අය මාර්ගයේ සෑම තැනම ඔවුන් සෙවූ නුමුත් සම්බවුණේ නැත.
අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රී ළඟට ඒ ගෙදරට ඇවිත්: අහිමයාශ්ද යොනාතාන්ද කොතැනදැයි ඇසුවෝය. ඒ ස්ත්‍රී: ඔව්හු වතුර ඇළෙන් එගොඩවූවෝයයි කීවාය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බනූණ බැවින් යෙරුසලමට හැරී ගියෝය.
ඈ: නුඹලාගේ වචනවල හැටියට වේවයි කියා ඔවුන් පිටත්කළාය, ඔව්හු ගියෝය. ඈ රතු ලනුව කවුළුවේ බැන්දාය.
එවිට ඒ මනුෂ්‍යයෝ දෙදෙනා හැරී කඳුකරයෙන් බැස, එතරවී, නූන්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතට අවුත් තමුන්ට සිද්ධවුණු සියල්ල ඔහුට කීවෝය.